මොණරාගල පොලිස් වසමට අයත් හුලංදාව ප්රදේශයේ නිවසක් කොල්ල කෑ සැකකරුවකු ඊයේ (02) දහවල් අත්අඩංගුවට ගැනීමට මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී ඇත.
සැකකරු විසින් මෙම නිවස බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ දෙකක් වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකා ඇති අතර පොලීසිය විසින් එම රන් ආභරණ සහ මුදල් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇත.
සැකකරු මීට ඉහතදී ද ගෙවල් බිඳුම් දහයකට වඩා සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් පවතින බව මොණරාගල පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හුලංදාව මොණරාගල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයක් වෙයි.
සැකකරු අද (03) මොණරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරි විමර්ශන මොණරාගල මූලස්ථාන පොලීසිය විසින් සිදු කරයි.



