පාර්ලිමේන්තු කාරක සභා සඳහා පත් කළ සාමාජිකයින්ගේ නම් ලබන බදාදා (05) කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කරන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වූ කාරක සභා සඳහා වන නව සාමාජිකයින්ගේ නාමයන් දේශපාලන පක්ෂ විසින් කථානායකවරයා වෙත යොමු කර ඇත.
එක් එක් පක්ෂ විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව අනුව කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම කතානායක කරූ ජයසූරිය මහතා විසින් සිදුකර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
කාරක සභා සාමාජිකයින් නිවේදනය කිරීමෙන් අනතුරුව ඔවුන් රැස්වීමට නියමිත අතර එහිදී කාරක සභා සඳහා වන සභාපතිවරුන් පත් කිරීම සිදු කිරීමට නියමිතයි.



