ත්‍රිරෝද රථයක් ගසක ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් මරුට – තිදෙනෙකුට තුවාල

Share

ආරච්චිකට්ටුව-වීරහේන මංසන්ධියේ දී සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇත.

 

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ නල්ලදරන්කට්ටුව-පාන්කුලාව පදිංචිව සිටි අබේවික්‍රම සමරකෝන් විදාන මුහන්දිරම්ලාගේ අමිලා ඉෂාන්ති (53) නම් අයෙකි.

අනතුරින් මිය ගොස් ඇති කාන්තාවගේ 16 හැවිරිදි පුතෙකු, තවත් කාන්තාවක් සහ ත්‍රී රෝද රථයේ රියදුරු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

රියදුරුගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read more

Local News