මාතෘභූමියේ නිදහස වෙනුවෙන් සටන් කළ සෑම පුද්ගලයෙකුම උතුම්

Share

මාතෘභූමියේ නිදහස වෙනුවෙන් සටන් කළ සෑම පුද්ගලයෙකුම උතුම් පුද්ගලයෙක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

72 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරයි.

ජාතික විරුවන්ගේ රුධිරය මතින් දිනාගත් දේශපාලනික නිදහස පූර්ණ අර්ථවත් වනුයේ ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් අප නිදහස් වු දිනක බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඇතැම් රටවල් අද ඉතා ඉහළ තත්ත්වයකට පත්ව ඇත්තේ ලැබු නිදහස ප්‍රායෝගික කර ගැනීමෙන් ලබා ගත් ආර්ථික හා සමාජීය නිදහස නිසා බවද හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයේ දක්වා ඇත.

සියලු ජාතීන් සමගිව නැගී සිටින විට රටට එරෙහි බලවේග පරාජය වී නිදහස තව තවත් ශක්තිමත් වන බවත් පැවසු හිටපු ජනාධිපතිවරයා, බෙදී වෙන වු කල නොයෙක් සතුරු බලවේග ශක්තිමත් වී නිදහස අහිමි වෙන බවත් පෙන්වා දෙයි.

72 වන නිදහස් දිනය සමරන අප සියලු දෙනා ජාතික සමඟිය පිළිබඳ ව තිර අධිඨනින් හා කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

72 වන නිදහස් දිනය අභිමානයෙන් සැමරීම ගැන තමා සතුටට පත්වෙන බවත් ජාතියක් ලෙස තම යුතුකම් හා වගකීම් අවබෝධ කරගත් සැබෑ නිදහස සැබෑ අරුත නිසැකවම වටහා ගනිමින් පුද්ගල, සමාජීක හා රටේ දියුණුව පතන යුගයක ඇරඹුම තමා ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනාධිපතිවරයා නිදහස් දින පණිවි‍ඩයේ වැඩි දුරටත් දක්වා ඇත.

Read more

Local News