ඉලවාලි ප්‍රදේශයේදී ඊයේ (04) සවස කේරළ ගංජා කිලෝ 26 ග්‍රෑම් 198ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ බුද්ධි සේවා නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉලවාලි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය 31 හැවිරදි පොයිත්දී, ඉලවාලි ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය සඳහන් කරයි.
අදාළ සැකකාරිය අද (05) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඉලවාලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



