සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Share

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය මහතා දිවුරුම් දී තිබේ.

 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන් රත්නප්‍රිය මහතා පත් කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

ඒ අනුව අදාල පත් කිරිම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය ජනවාරි 27 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීය.

Read more

Local News