කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

අද (06) අලුයම යාපනය තොන්ඩමන්ආරු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 110ක් බෙදාහැරීමට සුදානම් කරමින් සිටියදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

නාවික හමුදා නිළධාරීන් හා යාපනය, චංකානෙයි සුරාබදු කාර්යාල නිළධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදි සැකකරු හා ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි පුද්ගලයෙකු බවට අනාවරණය වි ඇති බව සුරාබදු නිළධාරීන් පැවසීය.

යාපනය තොන්ඩමන්ආරු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විමර්ශනයන්ගෙන් අනතුරුව යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News