ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ රිමාන්ඩ්

Share

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ එළඹ‍ෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයකට අනුවයි.

අද (06) උදෑසන ඔවුන් නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

Read more

Local News