අගමැති අද ඉන්දීය සංචාරයක

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා අද (07) ඉන්දීයාව බලා පිටත්ව යාමට නියමිතයි.

 

අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුවන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා ලබන 11 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටිමින් මෙම ඉන්දීය සංචාරයේදී වරණාසි, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති යන ප්‍රදේශවල ද සංචාරය කිරීමට නියමිතයි.

Read more

Local News