යාපනය විශ්වවිද්‍යාලයේ නවක වදය සිදුවීමක් ගැන පරීක්ෂණයක්

Share

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ස්ථාපිත මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකට පිරිමි සිසුන් පිරිසක් ලබාදුන් නවක වදය සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව යාපනය විශ්වවිද්‍යාල බලධාරීන් පවසයි.

 

විශ්වවිද්‍යාලයේ සිසුවියන් පිරිසකට නාන කාමර වෙත ගොස් නිරුවතින් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට පිරිමි සිසුන් පිරිසක් පවසා ඇති සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වී ඇත.

සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදුකළ සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය විනය කටයුතු සිදුකරන බවද උතුරු පළාත් ආණ්ඩුකාරවරියද විශ්වවිද්‍යාල පාලකයින් වෙත දැනුම් දී තිබූ බව වාර්තා වෙයි.

Read more

Local News