ළැව්ගිනිවලින් දැඩි බලපෑම් එල්ලවූ ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර කලාපයේ පිහිටි නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට ධාරාණිපාත වැසි ඇඳහැලෙමින් තිබේ.
ප්‍රාන්ත දෙකේ ඇතැම් ප්‍රදේශවලට වසර දෙකකට පසුව ඇඳහැලුණු වැඩිම වර්ෂාපතනය මෙය බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
වර්ෂාවත් සමඟ සිඩ්නි ඇතුළු නගර කිහිපයකට ගංවතුර අවධානමක්ද මතුව තිබේ.
පසුගිය කාලයේදී මෙම ප්‍රාන්ත දෙකට ළැව්ගිනිවලින් දැඩි බලපෑම් එල්ල විය.
මේ හේතුවෙන් වර්ෂාපතනය එම ප්‍රාන්තවල වැසියන්ට මහත් අස්වැසිල්ලක්වී ඇති බව වාර්තා වේ.




