පොලිස් සැරයන්වරයා ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

Share

වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ‍යෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

අදාළ සැකකරුවන් දෙදනො අද (07) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20දා දක්වා වාරක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අදාළ සැකකරුවන් 31 හැවිරිදි හා 38 හැවිරිදි ආයිත්තියමල සහ නාවක්කාඩු යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

ඔවුන් දෙදෙනා ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාට අයත් ඉඩමක මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී ඇතිවූ බහින් බස්විමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read more

Local News