බත්තරමුල්ල-මාලබේ මාර්ගයේ තලාහේන ප්රදේශයේ දී ඊයේ (08) සිදුවු රිය අනතුරකින් පදික පුද්ගලයෙකු මියගොස් ඇත.
අනතුර සිදු කළ රථය පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ රාගල ප්රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි අයෙක්.
අනතුර සිදුකළ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



