ධර්මපුරම් ප්රදේශයේ නිධන් හැරීමට ගිය යුද හමුදා සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකු ඊයේ (08) රාත්රියේදී කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැනට සේවයේ නිරත යුද හමුදා සාමාජිකයින්, යුද හමුදාවෙන් විශ්රාම ගිය සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර සිටී.
යුද හමුදා අංක සහිත වාහනයක් ඇතුළු සුඛෝපභෝගී වාහන තුනක්ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත.
යුද හමුදා සාමාජිකයින් වව්නියාව ප්රදේශයේ කඳවුරකට අනුයුක්තව සේවය කළ පිරිසක් බවට තොරතුරු වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් කණ්ඩායම වයස අවුරුදු 20 ත් 60 ත් අතර පසුවන පිරිසක් වන අතර, සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය පරීක්ෂණ මෙහෙවයි.



