මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

සබරගමුව පළාතෙත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට හා මුලතිව් දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු හා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40-50 ත් අතර වැඩි විය හැකියි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත කාලගුණයක් පවතියි.

Read more

Local News