කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

Share

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදාවේ නිලධාරින් කිහිපදෙනෙකු දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද (10) පෙනී සිටීමට නියමිතයි.

 

ඒ අනුව රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක, කොමදෝරු ආර්.පී.එස්. රණසිංහ සහ ලුතිනන් කමාන්ඩර් එච්.එම්.පී.සී. හෙට්ටිආරච්චි යන නිලධාරීන් ජනපති කොමිසම හමුවේ අද පස්වරුවේ පෙනීසිටින බව වාර්තා වේ.

එම නිලධාරීන් විසින් දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශ ලබාගැනීම සඳහා මෙම කැදවීම සිදුකර තිබේ.

Read more

Local News