සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

Share

අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.

 

2019.02.01 වන දින නිකවැරටිය පොලිස් ස්ථානයට වාර්තා වී ඇති පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිකවැරටිය පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලැබීය.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පැමිණිලිකරු විසින් ලබා දුන් තොරතුරු මත මෙම පහර දීමට පැමිණි සැකකරුවෙකුගේ රුවට සමාන ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කර ඇත.

එලෙස නිර්මාණය කර ඇති ඡායාරූපය පහතින් දක්වා තිබේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවට පවසයි.

නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය – 037 22 60 277

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – 071 85 91 274

සහකාර පොලිස් අධිකාරී – 071 85 91 276

 

Read more

Local News