කිසිඳු දේශපාලන බලපෑමකට උපාධිධාරී ස්ථානමාරුවක් ලබාගන්න බැහැ – බන්දුල

Share

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට නියමිත රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියා පත්වීම් ලබන්නන්ට දේශපාලන බලපෑම් මත වුවද වසර 5ක් ගතවන තුරු ස්ථානමාරු ලබාගත නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

අද (10) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට රැකියා අවස්ථා සඳහා අයඳුම්පත් බාර ගන්නා දිනය පෙබරවාරී 22 වන දා දක්වා දිගු කර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා සඳහන් කළේ.

පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හෝ උපාධියකට සමාන උසස් ඩිප්ලෝමාධාරි වයස අවුරුදු 45 ට නොවැඩි ඕනම අයෙකුට මේ සඳහා ඉල්ලුම් කල හැකි බවත්, ඔවුන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රජයේ රැකියාවක් හිමිවන බවත් අමාත්‍යවරයා පැවසීය.

වසරක පුහුණුව ලබා දෙන කාලය තුළ රුපියල් 20,000 ක දීමනාවක් ලබා දෙන බවත්, පුහුණු වීමෙන් පසුව එම ප්‍රදේශය තුළ රැකියා තිබෙන අවස්ථාව අනුව ස්ථාන ගත කරන රැකියා ලාභියා ස්ථිර සේවයේ නිශ්චිත වැටුප් තලවල පිහිටුවන අතර, වසර 5ක් ගත වන තුරු එම ස්ථානයේම සේවයේ නියුතු විය යුතු බවත් කියා සිටියේය.

Read more

Local News