පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානය සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 61 දෙනා රක්ෂිත බන්ධනාගත කිරීම පෙබරවාරි මස 28 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.
නුවරඑළිය ජාතික තව්හිද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණු ලැබූ වායැයි සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශන අනුව මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
අද (11) මඩකළපුව දිස්ත්‍රික් වැඩබලන මහේස්ත්‍රාත් ත්‍යාගේස්වරන් මහතා ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කළේය.



