චීන ජනපතිගෙන් පොරොන්දුවක්

Share

කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට චීන ජනාධිපති සී ජින්පින් නැවතත් අවධාරණය කර සිටියි.

 

ඒ බෙයිජිං නුවර කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර ලබාදෙන රෝහලක් වෙත කළ සංචාරයක් අතරතුරදීයි.

මෙම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමටත් නිලධාරීන් කටයුතු කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, වෛරසය සමගින් සටන්කිරීම සඳහා අවශ්‍ය සියලු සාධනීය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, වෛරස මාරයා නිසැකවම ජයග්‍රහණය ලබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

චීනය පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වෛරස ආසාදනයෙන් දැනට සිදුව ඇති මරණ සංඛ්‍යාව දහස ඉක්මවාගොස් තිබේ.

Read more

Local News