දික්ඕවිට මුහුදු තීරයේ වැලි කැණිමට විරෝධය පළ කරමින් ධීවර සමිති නවයක සාමාජිකයින් අද (11) විරෝධතාවක නිරත වුණි.
ඔවුන් පවසන්නේ අද එම ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක නිරත වීමට සූදානම් බවයි.
වත්තල, පල්ලියවත්ත හා පමුණුගම දක්වා ඇති ධීවර සමිති නවයක ධීවරයින් අද පෙරවරුවේ හැමිල්ටන් ඇල ඔස්සේ බෝට්ටු මගින් ඇලකන්ද හන්දිය දක්වා පැමිණ විරෝධතාවයක නිරත වුණි.
විරෝධතාකරුවන් පවසන්නේ පසුගිය අණ්ඩුව විසින් ව්‍යාපෘතියක් සඳහා දික්ඕවිට මුහුදු තීරයේ වැලි කැණීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වීමට තමන්ට බාධා මතුව ඇති බවයි.
විරෝධතාවය හේතුවෙන් ඇලකන්ද – බෝපිටිය, ඇලකන්ද – හැඳල සහ ඇලකන්ද – මට්ටක්කුලිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණි.



