චීනයේ වනජීවීන් සම්බන්ධ නීතිය සංශෝධනය කිරීමට අවධානය

Share

මාරාන්තික නව කොරෝන වෛරසයට එරෙහිව චීනය ගෙන යන සටනට සමගාමීව මේ වසරේදී එරට වනජීවීන් ආරක්ෂා කිරිම පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබේ.

 

එසේම සත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බවද ජාතික මහජන කොංග්‍රසයේ (එන්පීසී), ස්ථාවර කමිටුවේ, ව්‍යවස්ථාදායක කටයුතු කොමිෂන් සභාවේ නිලධාරියෙකු වන වැන්ග් රුයිහේ බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ.

වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි මහජන සෞඛ්‍ය ආරක්ෂණ අවධානමක් පිළිබඳව ලොව පුරා අවධානයට ලක්ව ඇති බවත් ඒ අනුව වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි වැඩිදියුණු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම දැඩි කිරීමේ අවශ්‍යතාවක් පැනනැගී ඇති බවද ඒ මහතා පැවසීය.

Read more

Local News