යුරෝපා සංගමයේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා සහ යුරෝපා සංගමයේ ආසියානු පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පෝලා පම්පලෝනි මහත්මිය ප්‍රමුඛ යුරෝපා සංගමයේ දූත පිරිසක් කථානායක කරු ජයසූරිය මහතා මුණගැසි ඇත.
පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේ ඊයේ (10) මෙම හමුව පවත්වා තිබේ.
මෙම හමුවට යුරෝපා සංගමයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අංශ ප්‍රධානී අයිවෝ ෂට්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේක්ම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



