කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට

Share

නාවික හමුදාව විසින් ඊයේ (11) දින ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

 

ශ්‍රී ලංකාව වටා වූ මුහුදු කලාපයේ සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව ඊයේ දින ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කැස්බෑ මස් කිලෝ 25ක් පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව අදාල ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයා, කැස්බෑමස් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 39 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බව තහවුරු කරගෙන තිබේ.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද කැස්බෑ මස් තොගය, සැකකරු සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා වෙඩිතලතිවු ධීවර පරීක්‍ෂක කාර්යාලයට භාරදීමට කටයුතු කර ඇත.

Read more

Local News