බොරැල්ලේ දී හෙරොයින් ග්‍රෑම් 21 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවෙක් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල පොලිස් වසමේ ගඟපහල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී වයස අවුරුදු 40 ක් වු සිරිසර උයන, බේස්ලයින් පාර, බොරැල්ල යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු අද (12) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



