වෙඩි තබා සිදුකල ඝාතනයකට අත්අඩංගුවට ගත් සැකකරුට පැය 72ක රැඳවුම් නියෝග

Share

වෙරළබඩ පොලිස් වසමේ ජම්පටා වීදි‍ය ප්‍රදේශයේ දී සිදුකල මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 2019.10.08 වන දින යතුරු පැදියකින් පැමිණ නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ ‍අපරාධ කොට්ඨාසය දීර්ඝ ලෙස විමර්ශනයක් සිදු කර මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු පසුගිය 2020.02.10 වන දින සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පැය 72 ක රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News