ලංගමට අයත් බස් ඩිපෝවල දෛනික ආදායම වැඩිවෙයි

Share

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝවල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමනය මණ්ඩලය පවසයි.

 

ඊයේ පස්වරුවේ (11) ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සිදු කළේය.

මේ වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් ඩිපෝ 107ක් අතරින් 12ක් හැර ඉතිරි බස් ඩිපෝ 95ම පසුගිය මාසය තුළ දිනකට එක් ඩිපෝවකින් ලක්ෂ එකහමාර බැගින් ආදායමක් උපයා තිබේ.

ඒ අනුව පසුගිය මාසය තුළ එක් ඩිපෝවකින් උපයා ඇති ආදායම රුපියල් 4,500,000කි.

Read more

Local News