අනුරාධපුරේදී හොර සල්ලි සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හාර ලක්ෂ 97,000ක වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු සහ ව්‍යාජ රන් කැබලි තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අනුරාධපුර, ඉසුරුමුණිය රථ ගාල අසල රථ වාහන පරික්ෂාවේ යෙදී සිටි නිලධාරීන් විසින් මෝටර් රථයක් නවතා සිදුකළ පරීක්ෂාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදි එම මෝටර් රථය තුළ තිබි ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 90ක්, ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 47ක්, ව්‍යාජ රන් කැබලි ග්‍රෑම් 280ක්, ප්ලාස්ටික් පිස්තෝලයක් සහ තියුණු ආයුධයක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version