හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 880 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු 39 හැවිරිදි බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
ඔහු අද (17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



