උදයංග වීරතුංග අධිකරණය හමුවට ඉදිරිපත් කරයි

Share

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

 

අද පෙරවරු 09.30 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන්.

යුද මෙහෙයුම් සඳහා මිග් ප්‍රහාරක යානා 04 ක් ඇතුළු තවත් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකල බවට පොලිස් මූල්‍ අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය රජය පැවති සමයේ සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

පසුගිය 14 වනදා අළුයම උදයංග වීරතුංග මහතා මෙරටට පැමිණි අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගැනුණි.

Read more

Local News