රන් බිස්කට් මෙරටට ගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට

Share

රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහි වටිනාකම රුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක් (1,28,74,848) ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

අත්අඩංගුවට පත් පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවන කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

ඔහු අද උදෑසන 7.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් පැළඳ ගෙන පැමිණි පාවහන් තුළ මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් බර රත්තරන් බිස්කට් 12 ක් සඟවා ගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති රේගු පරිශ්‍රය ඔස්සේ ඇවිද යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මෙම රත්තරන් බිස්කට් තොගය රාජසන්තක කර මෙම ගුවන් මගියාට රුපියල් 13 ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

Read more

Local News