සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.
2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ.
ලිපි ලේඛන විමර්ශණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවලට සහභාගීවෙමින් තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරයි.
සහශ්‍රක අභියෝගතා සමායතනය ගැන පූර්ණ වාර්තාවක් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.



