ලොරි රථයක කතක් ගැටී මරුට

Share

තෝප්පුව – දංකොටුව මාර්ගයේ තඹරවිල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

 

ලොරි රථයක මාර්ගය හරහා ගමන්ගත් කාන්තවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව දංකොටුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News