අභිරහස් ලෙස මියගිය ගුරුවරියකගේ මළ සිරුරක් ඊයේ (17) සවස ගල්කිරියාගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම පලාගල මහා විද්‍යාලයේ සේවය කළ 47 හැවිරිදි ගුරුවරියක බව පොලිසිය පවසයි.
එක් දරු මවක වන ඇය පදිංචිව සිටි පලාගල කරවිලගල ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසෙහි ඇති ගෙවත්තේ ළිඳක තිබී ඇයගේ සිරුර හමුව ඇති බව සඳහන්.
ගුරුවරියගේ මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



