මහනුවර සුපිරි හෝටලයක තිබු ෆේස්බුක් සාදයක් වටලයි

Share

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් සුරාබදු දෙපාර්තමේන්තු විසින් වටලා තිබේ.

 

පසුගිය 15 අලුයම දින ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමෙන්තුවේ මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝ‍ටලයක සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයේ සිටි විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඒවා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 17ක් අත්අඩංගුවට ගැනිමට මහනුවර විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සමත්විය.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතුරින් එකොළොස් දෙනෙක් සන්තකයේ තිබි කේරළ ගංජා ද, හතර දෙනෙකු සන්තකයේ තිබි හොරොයින් ද, දෙදෙනෙකු සන්තකයේ තිබි එක්‍ස්ටසි මත්පෙති ද වැඩිදුර විමර්ෂනයේදි සොයා ගැනීමට සුරාබදු නිලධාරින්ට හැකි වූ බව සඳහන්.

මුහුණු පොතෙන් සංවිධානය කරන ලද මෙම සාදය සඳහා දිවයිනේ පිළිගත් විශ්වවිද්‍යාවල සිසුන් ඇතුළුව 300-400 කට ආසන්න පිරිසක් සහභාගි වි තිබු බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවු 18-25 ත් පසුවන තරුණයින් පිරිසක් වෙයි.

ඔවුන් මහනුවර, ත්‍රිකුණාමලය, මාවනැල්ල, පොළොන්නරුව ආදි දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව සුරාබදු නිලධාරින් පවසයි.

Read more

Local News