අනවසර ගිනි අවි 200 ක් ලංකාව පුරා පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් බාර දී ඇතැයි පොලීසිය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි 2020.02.05 වන දින සිට 2020.02.12 වන දින දක්වා දිවයින පුරා අනවසර ගිනි අවි රජයට භාර දීමේ වැඩසටහන දියත් කළේය.
ඒ අනුව බාර දෙන ගිනි අවි අතර බෝර 12 ගිනි අවි 137 ක්, බෝර 16 ගිනි අයි 15 ක් හා වෙනත් ගිනි අවි 20 ක් ඇතුළුව සම්පූර්ණ ගිනි අවි 200 ක් රජයට බාර දී ඇත.
වැඩිම ගිනි අවි ප්රමාණයක් බස්නාහිර පළාතෙන් ගෙනැවිත් බාර දී තිබේ.
මේ අනුව බාර දුන් සම්පූර්ණ ගිනි අවි පිළිබඳ විස්තර පහතින් දැක්වෙයි.

මේ අතර අනවසර ගිනි අවි බාර දීම සඳහා ලබා දී තිබු කාල සීමාව තුළ ගිනි අවි බාර නොදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු මත විමර්ශන සිදු කර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවත් පොලීසිය පවසයි.



