දිනක් වයසැති බිළිඳු මළ සිරුරු දෙකක් නුවරඑළියෙන් හමුවෙයි

Share

දිනක් පමණ වයසැති ගැහැණු බිළිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය පොලිස් වසමේ නේස්බි වත්තේ තිබී හමුව තිබේ.

 

ඊයේ (18) දින උදෑසන 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් නුවරඑළිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙම බිළිඳු මළ සිරුරු සම්බන්ධයෙන් නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය විසින් එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ එම ස්ථානයේ තිබු තවත් පාර්සලයක් විවෘත කර බැලීමේ දී එම පාර්සලය තුළ දිනක් පමණ වයසැති තවත් ගැහැණු බිළිඳු මළ සිරුරක් තිබී හමුව ඇත.

ඒ අනුව බිළිඳු මළ සිරුරු 2 ක හඳුනා ගෙන නොමැති බැවින් දින 14 කින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය විසින් නියෝග කර ඇත.

එතෙක් මෘත දේහයන් නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට නියෝග කර තිබෙන අතර නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News