ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් ඊයේ (20) පස්වරු 4.30 සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
වනජිවි නිලධාරින් ඊයේ දින සිට පැය 8ක රාජකාරිය අවසන් විමෙන් පසු කිසිදු රාජකාරියක් සිදු නොකරන බවයි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
රජයේ අනෙකුත් සේවකයන්ට වඩා පැය 350කට අධික කාලයක් වනජිවි නිලධාරින් රාජකාරි කටයුතු සිදු කරන බවත්, ඒ සඳහා පැය 150කට අදාල අමතර දිමනාවක් ගෙවන ලෙස විෂය භාර අමාත්‍යවරුන්ගෙන් සහ වනජිවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් අවස්ථා කිහිපයකදි ඉල්ලිම් කළද, ඒ සදහා නිසි ප්‍රතිචාරයක් නොලැබිම නිසා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹි බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
වනජිවි නිලධාරින් තම ජිවිත පවා පරිත්‍යාග කරමින් රජකාරි සිදු කරන බවත්, එවන් නිලධාරින්ගේ ඉල්ලිම්වලට සාධාරණයක් ඉටු නොවන නිසා අඛණ්ඩව මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බවත් ඒ මහතා කියා සිටියේ ය.
වන අලින්ගෙන් තර්ජන තිබෙන ප්‍රදේශවල ජනතාව තම නිවාසවලින් රාත්‍රි කාලයේ බැහැරව නොයන ලෙසත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා ඉල්ලා සිටියි.



