ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විධායක කමිටු රැස්වීම සහ පක්ෂ නායක රැස්වීම අද (25) පැවැත්වීමට නියමිතයි.
අද පස්වරුවේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මෙම රැස්වීම් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නව සන්ධානය බිහි වීමෙන් අනතුරුව එහි විධායක කමිටුව රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර සන්ධානයේ පක්ෂ නායකයින් හමුවන දෙවන අවස්ථාව මෙය බව සඳහන්.



