ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (24) සහ අද (25) දෙදින තුළ මන්නාරම, තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ තලෙයිමන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව මන්නාරම, තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන්හි සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම් වලදී මෙලෙස නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එක් පුද්ගලයෙකු සතුව තිබි හක් බෙල්ලන් 1550 ක් ද, අනෙක් සැකකරු සතුව තිබි 284 ක් සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් වයස අවුරුදු 32ක් වන එම ප්‍රදේශයන්හිම පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා සහ හක් බෙල්ලන් තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.



