ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම් ලා තිබූ ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවට රැගෙන ඒමට කටයුතු කිරිම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට රජයට සිය ස්තූතිය පල කර ඇත.
ශ්‍රී ලාංකිකයින් දෙදෙනා නෞකාවෙන් ඉවත් කර ගැනිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස්වරයා තමන්ව දැනුවත් කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.



