ලොකු ළූණුවලට අවම සහතික මිලක්

Share

ලොකු ළූණූ සඳහා දැනට පවතින මිල වෙනුවට රුපියල් 80 ක අවම සහතික මිලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

 

අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ දැනට පවතින රුපියල් 60ක් වු අවම සහතික මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති බවයි.

ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දෙමින් වගාව සඳහා ඔවුන් දිරිමත් කිරීම සඳහා මෙම තීරණය ක්‍රියාවට නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News