ගම්පහ දුම්රියපොළ ආසන්නයේදී මාතලේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී ඊයේ (29) 11.20ට පමණ පුද්ගයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාදෙල්ගමුව, ගම්පහ ප්‍රදේශයේ පදිංචි පොලිස් ක්ෂ්‍රේත්‍ර බලකා මූලස්ථානයට අනියුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරවේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



