ඊයේ (29) උදෑසන 11.00ට පමණ වැලිගම පොලිස් වසමේ පොල්වතුමෝදර ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශ ජාතිකයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිගම පොලීසිය විසින් සිදු කරයි.



