මේ වසර තුළ සංචාරක ක්ෂේත්රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එමඟින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂිත බව ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වත්මන් රජය පත්වීමෙන් පසු ව රුපියල් මිලියන 66,250 අපේක්ෂිත සංචාරක ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කීපයක් සඳහා අයදුම්පත් ඉදිරිපත් ව ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.



