ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී ඇත.
ඒ අනුව 2019.07.15 වන දින සිට මෙම උසස්වීම් බලපැවැත් වෙයි.
ගල්කිස්ස කොට්ඨාසයේ, සහකාර පොලිස් අධිකාරී ඩබ්.එල්.පී.එම් අබේසේකර මහතා හා සහකාර අධිකාරී ඩබ්.එම්.එස් වෙදගේ යන මහත්වරුන් පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
2018.07.10 වන දින ක්රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ ප්රධාන පොලිස් පරීක්ෂක බී.ජී.ද සිල්වා කාලිංග මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්කර ඇත.



