හැටන් සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්රපාතයට පෙරළි ඇති බව වාර්තා වේ.
හැටන් සිට සාංචිමලේ හරහා බගවන්තලාව කිව් වතුයාය දක්වා ධාවනය වි ඇති ත්රිරෝද රථය බගවන්තලාව කර්කස්වොල් වත්ත ප්රදේශයේදි අද (03) අලුයම 5.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන තේ වත්ත මැද පිහිටි තෘණබිමක් වෙත පෙරළි ඇත.
අනතුරෙන් ත්රිරෝද රථයේ රියදුරාට තුවාල සිදු වි ඇති අතර ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු ව තිබේ.
අධික වේගයෙන් ධාවනය වී ඇති ත්රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.



