දිස්ත්‍රික්ක කීපයකට දැඩි උණුසුම් කාලගුණයක්

Share

වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් සහ මන්නාරම හා මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

 

ඒ අනුව ඉහත ස්ථානයන්වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානයක්“ යොමු කළ යුතු මට්ටමක පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ හේතුවෙන් වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම සිදුකළ යුතු අතර නිවෙස් තුළ දී වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව එම දෙපාර්මේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා තබා යාමෙන් වැලකී සිටීම මෙන්ම, එළිමහනේ ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී අධික වෙහෙසකාරී කටයුතු සීමාකිරීම හා සෙවණ ඇති ස්ථානවල රැදී සිටීම ද සිදුකළ යුතු වෙයි.

සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Read more

Local News