මිද්දෙණියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

Share

මිද්දෙණිය පොලිස් වසමේ දඹේතලාව ප්‍රදේශයේ දී අවමංගල උත්සවයකට සහභාගී වී නැවත යමින් සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු විසින් වෙඩි තබා පල ගොස් ඇත.

 

අද (03) දහවල් 1.10ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරු තලාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘතශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Read more

Local News