පාසල් ළමුන් ප්රවාහනය කරන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
අද (03) දින පස්වරු 1.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය නව කුරුදුවත්ත ප්රධාන මාර්ගයේ නාවලපිටිය වෙරළුගස්හින්න ප්රදේශයේදිය.
නාවලපිටිය ප්රදේශයේ පාසල් වල ළමුන් ප්රවාහනය කරන අනතුරට පත් බස් රථය අද පස්වරුවේ පාසල් ළමුන් නංවාගෙන බස් රථය ධාවනය කර ඇති අතර, බස් රථයේ සිටි පාසල් ළමුන් වැඩි ප්රමාණයක් බස් රථය අනතුරට පත් වු ස්ථානයට නුදුරින් බස්සවා තවත් පාසල් ළමුන් සිව්දෙනෙක් සිය ගමනාන්තය දක්වා රැගෙන යන අවස්තාවේ බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පැවසිය.
බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල පාසල් ළමුන් සිව්දෙනෙක් සහ රියදුරා පමණක් සිට ඇති බවත්, අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති බවයි අනතුර පිලිබද පරික්ෂන පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.



